ශ්‍රී ලංකා පුහුණු ක්‍රිකට් තරගයට ගිහින් අගමැති රනිල් ඉතිහාසය වෙනස් කරලා

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව සමග පන්දුවාර විස්සයි ව්ස්ස ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණු තරගයක් ලබාදුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිසා බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසනවා. දෙරට අතර පැවති පුහුණු තරගය නැරඹීමට එක්වෙමිනුයි අගමැතිවරයා මේ බව කියා සිටියේ. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදුනේ ඕස්ට්‍රේලියා අගමැතිවරයාගේ කණ්ඩායමයි. එහිදී තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීමට අගමැතිවරුන් දෙදෙනා එක්වුණා. ඒ සදහා කාසිය ලබාදුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. කාසිය ඉහළ දැමීම ඕස්ට්‍රේලියා අගමැතිවරයා සිදුකළා. මෙය තරග වදින දෙරටක අගමැතිවරුන් කාසියේ වාසිය උරගා බැලීම සදහා එක්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි හැදින්වෙන්නේ.

එහිදී කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් ලබා ගත්තා. සමුගැනීමේ තරගයට ක්‍රීඩා කළ ඇඩම් වෝග්ස් ලකුණු 54 යි. තරගයේදී යලි සුපුරුදු රිද්මයට අවතීරණ වූ ලසිත් මාලිංග පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 47 යි. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය ජයග්‍රාහණය කරා කැදවාගෙන ගිය උපුල් තරංග නොදැවී ලකුණු 47 ක් ඉනිමට එක්කළා. මේ අනුව පන්දුවාර 17 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 170 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුණා.

 

Leave a Reply

Your email address will not be published.