අතුරුදහන් ගුවන්යානය ගැන ඔත්තුවක්

අතුරුදන් වූ එම් එච් 370 වර්ගයේ මැලේසියා ගුවන් යානයේ සුන්බුන් මේ වන විට නිරීක්‍ෂණයට ලක්වන ප්‍රදේශයට වඩා කිලෝමීටර 500ක් දුරින් ඇතැයි සැකකෙරෙන බව ඉතාලි විද්‍යාඥයන් පවසනවා.කාලගුණික දත්ත මෙන්ම හමුවූ සුන්බුන් කොටස් මත සිදුකළ පරීක්‍ෂණ අනුව මේ බව තහවුරු වන්නේ යැයි ඔවුන් කියා සිටිනවා.

එම තොරතුරු අනුව යානය කඩාවැටුණු ප්‍රදේශය හෙළිකරගත හැකි වනු ඇති බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේ. ඉදිරියේදී ද ගුවන් යානයක් කඩා වැටුණු සැණින් එය තිබෙන ප්‍රදේශය හඳුනා ගැනීමට හැකි බව එම විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 2014 වසරේ මැලේසියාවේ සිට චීනයේ බීජිං නුවර බලා ගමන් කරමින් සිටිය දී එම් එච් 370 යානය අතුරුදන් වුණේ පුද්ගලයන් 239 දෙනෙකු සමඟයි.

One thought on “අතුරුදහන් ගුවන්යානය ගැන ඔත්තුවක්

  • July 29, 2016 at 8:21 pm
    Permalink

    අපෝ වැඩක් නෑනෙ තාම ඒ ගැන හරි විස්තරයක් හොයාගන්න කාටවත් බැරි උනානෙ

    Reply

Leave a Reply

Your email address will not be published.