අනියම් තරුවක් සොයාගිය ක්‍රිකට් තරුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වූ නවක ක්‍රීඩකයකු අනියම් ප්‍රේමයක් හේතුවෙන් දික්කසාදවීමට යන බවට වාර්තා වනවා. මෙම ක්‍රීඩකයා හිටපු සුප්‍රසිද්ධ ආරම්භක පිතිකරුවකුගේ නමක් ඇති මැදපෙළ පිතිකරුවෙක්. ඔහු විවාහ වී වසර දෙකක් ඉක්ම ගොස් නැතිවීමත් විශේෂත්වයක්. කුඩා දරුවකුද ඔහුගේ කැදැල්ලේ සිටිනවා.

ඇමරිකාවේ ජීවත්වන මෙරට රංගන ශිල්පිනියකගේ දියණියක් සමගයි ඔහු අනියම් ප්‍රේමය පවත්වාගෙන යන්නේ. මෙම ක්‍රීඩකයා පසුගියදා ඇමරිකාවේ ගොස් ඇයව හමුවී ඇතැයිද වාර්තා වුණා. කෙසේ වෙතත් මෙම අනියම් සබදතාව නවතා දෙන ලෙස ක්‍රීඩකයාගේ බිරිද සියළුම මිතුරන්ගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් ක්‍රීඩකයා බිරිදට වඩා අනියම් ප්‍රේමයෙන් මත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී බිරිදගෙන් නීත්‍යානුකූලව දික්කසාද වීමට ඉල්ලා සිටීමටත් මෙම ක්‍රීඩකයා කටයුතු කරනු ඇති බවයි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.