අනූෂව පරිස්සම් කරන්න කියලා එකපාර දෙන්නෙක්ට දීලා

අනූෂා දමයන්ති කියන්නේ සිනමා නිලියක්. ඒත් දැන් ඇය විවිධ ක්ෂේත්‍ර වලින් ඉදිරියට ඇවිත්. ඇය ඉදිරියේදී ව්‍යාපාරයක් පටන් ගන්නත් සූදානම් වෙනවා. ඒ අතර මේ අවුරුද්දේ විවාහ වෙන්නත් සූදානම් වෙනව කියලයි ආරංචිය. හැබැයි ඇය පසුගිය අවුරුද්දෙත් විවාහ වෙනව කියල කිව්වා. ඒත් වුණේ නැහැ. කෙහොම වුනත් ඇයට විවාහයට බාධාව වෙලා තියෙන්නේ හදහන. දැන් අනූෂා හදහන පැත්තකින් තියලා විවාහ වෙන්නයි යන්නේ. මේ ඇය සමග කළ සංවාදයක්.

අනූෂා… ඇත්ත කියන්න.. කවදාද විවාහ වෙන්නේ ?

දැන් දැන් අපේ අම්මලාගෙනුත් ටිකක් කරදර වැඩියි. ඔයා විවාහ වෙන්න ඕනේ… දැන් කාලේ හරි කියලා… මේ අවුරුද්දේ මම විවාහ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා.

අනූෂා.. ඔයා ගිය අවුරුද්දෙත් ඕකම කිව්වනෙ ?

අනේ…. ඔව්. මම ගිය අවුරුද්දෙත් එහෙම කිව්වා තමයි. ඊට පස්සේ ඉතින් ඒක කල් යන්න එක එක හේතු බලපෑවා. බලමු. තව මාස කිහිපයකින් මම හරියටම කියන්නම් කවදාද විවාහ වෙන්නේ කියලා.

ඔයාගේ අම්මා පස්සෙන්ම ඉන්නව නේද ? මොකද ඔයාව විශ්වාස නැතුවද ? නැත්නම් අනිත් මිනිස්සුන්ව විශ්වාස නැද්ද ?

අනේ නෑ… එහෙම කා ගැනවත් අවිශ්වාසයකින් නෙමේ. අම්මට ඕනේ හැම වෙලාවෙම මාව එයාගේ ඇස් මානයෙන් තියාගන්න. තාමත් එයාට එදා වගේම මම එයාගේ චූටි දුවනේ.

හැබැයි මෑතක අම්මා නැතුව මුලින්ම පිටරට සංචාරයකට ගියා නේද ?

ඔව්.. ලගකදි මං කුවේට් ෂෝ එකකට ගියා. එදා අම්මට යන්න බැරිවුණා. ඒත් ඉතින් මොනවා කරන්නද මම බාරගත්ත වැඩක්නේ. ඉතින් මම ගියා. අම්මා මාව දෙන්නෙක්ට පරිස්සම් කරන්න දුන්නා. ඒ සුරේෂ්ටයි / රාජිතටයි. අම්මා ඒ දෙන්නට ලියුම් දෙකක් ලියලා දුන්නා. ඒකේ තිබ්බේ  අනූෂාව පරිස්සම් කරන්න. මට විශ්වාස පුතාව විතරයි කියලා. ගියාට පස්සෙයි ඒ දෙන්නා දැන ගත්තේ එකම දේ ලියපු ලියුම් දෙකක් දෙන්නටම දීල තියෙන්නේ කියලා.

එදා මොකද හිතුනේ ?

ඇත්තම ලොකු පාලුවක් දැනුනා. කට්ට ගහන්න.. මාව අන්දවන්න හැමදේටම ඉන්නේ එයා.. ඒ නැති පාළුව තදින්ම දැනුණා.

මොකක්ද ඊලඟ ඉලක්කය ?

ඇත්තටම මගේ ලොකු ආසාවක් තියෙනවා ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි මගේ අම්ම නම් මම ව්‍යාපාරයක් පටන් ගන්නවට හරි අකමැතියි. අම්මා කැමති මම නර්තන පාසලක් පටන් ගන්නවානම් තමයි.

4 thoughts on “අනූෂව පරිස්සම් කරන්න කියලා එකපාර දෙන්නෙක්ට දීලා

Leave a Reply

Your email address will not be published.