අපේකම රැගෙන ඔලිම්පික් යන අතක් අහිමි යුවතිය – වීඩියෝ

කැලේ පිපුණු මල් කැලේම පරාවෙලා යන්නෙ බුදසුන මත පූජා කරන්න නෙලාගෙන එන්න කෙනෙක් නැති හින්දයි. අපේ රටේ ක්‍රීඩාවට වෙලා තියෙන්නෙත් මේ තත්වයමයි. දක්ෂයින් ඉන්නව. ඔවුන්ව හදුනාගන්න ක්‍රමවේදයක් නෑ. එන දක්ෂයින්ව රැකබලා ගන්න වැඩපිලිවලක් නෑ. ලංකාවට පහසුවෙන්ම පැරා ඉසව්වන්ගෙන් ලෝකය දිනන්න පුලුවන්. ඒත් ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය තාම හිතලවත් නෑ. ආසියාව දිනපු පැරා ක්‍රිඩකයින් දිහා ඇහැක් ඇරල බලල නෑ. ඒත් ඔවුන් තාමත් උත්සාහය අත ඇරල නෑ. වෙලාවකට හිතෙනව ආබාදයන් තියෙන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයෙ ඉහළ පුටු රත්කරන නිලධාරීන්ට ද කියල.

මොකද කවදාවත් පිටියකදී මේ ඉහළ පුටුවල අයව දකින්න නැති හින්ද. හැබැයි විදෙස් තරගාවලියක් කිව්ව ගමන් වන්දනාවෙ යන්න නම් මේ සෙට් එක එන්නෙ පැනල. එතකොට තියෙන තරගය මීටර් 100 ඉසව්වෙවත් දකින්න නෑ. කෙහොම වුනත් මේ සියල්ල මැද්දෙ ලංකාවෙන් පැරා ඔලිම්පික් නියෝජනය කරන්න ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙනවා. ඇය දැනට ශ්‍රේණිගතකිරීම්වල ඉන්නෙ 6 වන ස්ථානයෙ. දෙවියන්ගෙ පිහිටෙන් කරදරයක් නැතුව දුවාගන්න පුලුවන් වුනොත් ඇයට ලක් මාතාවගේ ගෙල පැරා ඔලිම්පික් පදක්කමකින් සරසන්න බැරිවෙන එකක් නෑ. ඒ හින්දම තරගාවලියට යන්න කලින් අපි තීරණය කළා පුංචි සටහනක් ඇය වෙනුවෙන් තියන්න.

7 thoughts on “අපේකම රැගෙන ඔලිම්පික් යන අතක් අහිමි යුවතිය – වීඩියෝ

  • September 8, 2016 at 9:51 am
    Permalink

    බොරැ දාන්න එපා යකෝ……..
    ලෝකෙ 6 වෙනියට ඉන්නෙ තවම අනික් වැඩකාරියො එලියට ඇවිත් නැති හිංදයි.
    තවම සුපිරි ක්‍රිඩිකාවෝ 21 දෙනෙක් මේ වෙනකොටත් රේස් එකක් දුවලා නෑ , මේ අව්රැද්දෙ…
    ගිය අව්රැද්දෙ රැන්කින් වලින් බලන්න මෙයා කියටද ඉන්නෙ කියලා.
    මෙයාගෙ දක්ෂතාවයට නෙවෙයි මෙයා ඔලිම්පික් යන්නේ ලංකාවට හම්බවෙන වයිල් කාඩ් වලින්.
    ලංකාවට කෙල්ලෙක්ට වයිල් කාඩ් එකක් එනවා මෙයා යන්නෙ ඒකෙන්.
    ඒ චාන්ස් එකෙන් යන්නේ.
    අනෙක් කෙල්ලට ඇයි ඒ චාන්ස් එක දෙන්නෙ නැත්තෙ…….
    පොඩි වෙනසක් තියෙන්නෙ
    ඒ කෙල්ල ඒකිගෙ ආත්මගරැත්වය ටුවර් එහෙකට වික්කෙ නෑ…
    ඒත් මෙයා…………..

    මෙයා යන්නෙ ලංකාවට ලැබෙන චාන්ස් එකෙන්
    ඒකත්……………………?

    Reply
    • September 8, 2016 at 10:35 pm
      Permalink

      යකෝ සුපිරි ක්‍රීඩිකාවෙ 21 මුගෙ පවුලෙ අයද කොහෙද ? නැත්නම් ලංකාවෙ කෙල්ලට වඩා අනිත් උන් ලොකු වෙන්නෙ කොහොමද ? කවුද බං ආත්ම ගෞරවය වික්කෙ නැති කෙල්ල. අපිටත් කියපංකො දන්න ටික. අතක් නැතිව අමාරුවෙන් ගමනක් යන කෙල්ලෙක්ට උඹ හරියට දාල තියෙන්නෙ ඒකි කාත් එක්ක හරි ….. බලන් හිටිය වගේනෙ.

      Reply
  • September 8, 2016 at 10:30 pm
    Permalink

    දොහා හි පැවති ජාත්‍යන්තර පැරා තරගාවලියේදී රන් පදක්කම ලබාගැනීම හේතුවෙනුයි ඇයට මෙම අවස්ථාව ලැබුනෙ. වයිල්ඩ් කාඩ් එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නවද කියල උඩ තියන කමෙන්ටුව කියවනකොට හිතෙනව. මෙහෙම සුදුසුකම් ලැබුවෙ නැති වුනහම තමයි වයිල්ඩ් කාඩ් දෙන්නෙ. ලංකාවෙන් මේ පාර බහුතරය ඔලිම්පික් ගියෙ අන්න එහෙම. හැබැයි මේ ක්‍රීඩිකාව එහෙම නෙමෙයි. දක්ෂතා අවතක්සේරු කරන්න එපා.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    This page truly has all the info I needed concerning this subject and didn’t know who to ask.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    What a data of un-ambiguity and preserveness of valuable experience concerning unpredicted feelings.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    Hey there outstanding website! Does running a blog like this require a great deal of work? I’ve absolutely no expertise in programming but I had been hoping to start my own blog in the near future. Anyway, should you have any ideas or tips for new blog owners please share. I understand this is off subject however I just wanted to ask. Many thanks!

    Reply

Leave a Reply

Your email address will not be published.