අමර සර අඹරෙන් නික්මගියේය

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව සූරීන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුවුණා.

කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආසන්නයේ තැනූ චිතකයට ගිනි දැල්වීමත් සමග සුවහසක් ජනතාවගේ හදවත් තුළ ජීවමාන වූ ඒ හෙළයේ මහගාන්ධර්වයා, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් අප අතරින් සදහටම සමුගත්තා.

අවසන් කටයුතු සිදුවන අවස්ථාවට මහසංඝරත්නය, අන්‍යාගමික නායකයින්, ජනාධිපතිවරයා, අගමැතිවරයා, දෙස් විදෙස් තානාපතිවරුන්, උගතුන්, වියතුන්, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, සිසුන් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීම නිමිත්තෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශයට අයත් සියලු සුරාසැල්, සිනමා ශාලා සහ මාංශ අලෙවිසැල් වසා දැමීමට පියවර ගත් අතර රජය විසින් පසුගියදා සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඉකුත් බ්‍රහස්පතින්දා ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී අභාවයට පත්වුණා. ඒ වන විට ඒ මහතාගේ වයස අවුරුදු 88ක්.

Leave a Reply

Your email address will not be published.