අර්ජුන් යලි මුදල් අමාත්‍යාංශයට

මහ බැංකු බැදුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ  මහ බැංකු උපදේශකවරයෙක් ලෙස යළි කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ රැස්වීම් වලට පවා එහි උපදේශකවරයෙක් ලෙස සම්බන්ධ වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එම පෙරමුණ ලිපියක්ද යොමුකර මේ පිලිබද දැනුම් දී තිබෙනවා. දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ එහි උපදේශක කීර්ති තෙන්නකෝන් යන අයගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියකයි මේ පිලිබද තොරුතුරු දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.