අවසන් තරගය දා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු අතුරුදහන් වෙලා

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම ආසියානු යොවුන් ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා පුහුණුකරුවන්ගේ ක්‍රියාකළාපය මේ වන විට ක්‍රිකට් ආයතනයේ බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ නික් පෝතාස් මහතායි. ඔහු දකුණු අප්‍රිකානු ජාතිකයකු වනවා. මාසිකව රුපියල් ලක්ෂ 10 කට අධික වැටුපක් ඔහුට ගෙවනු ලබනවා. කෙසේ වෙතත් මෙම පුහුණුකරු අවසන් තරගය පැවති දින කණ්ඩායම සමග සිට නැහැ. ඔහු එදින නිවාඩු ලබාගෙන ඇත්තේ ලංකාව පුරා සංචාරයක් යාම සදහායි. ඊට පසු ඔහු දකුණු අප්‍රිකාව බලා යමටත් නියමිත වනවා.

අවසන් මහා තරගයකට කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අවස්ථාවක ප්‍රධාන පුහුණුකරුවකුට නිවාඩු ලබාදීම පුදුමයට කරුණක්. අවසන් තරගයට වෙනත් රටවල් හොදම පුහුණුකරුවන්ව ගෙන්වා වැඩි ශක්තියක් ලබාදෙනවා. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ පරාජය පුදුමයට කරුණක් නොවෙයි.

එමෙන්ම අවසන් තරගය පැවැත්වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ක්‍රීඩකයින් සමග අදහස් හුවමාරුකරගැනිමෙන් වැලකී සිට ඇතැයිද වාර්තා වනවා. ඉන්දීය පුහුණුකරුවන් ක්‍රීඩකයින් සමග පිටියේ සිටියදී ශ්‍රී ලංකා පුහුණුකරුවන් සිට ඇත්තේ විවේකාගාරයේයි.

ඒ අනුව තරගය ජයග්‍රහණය සදහා ලැබිය යුතු උත්තේජයන් ක්‍රීඩකයින්ට ලැබී නැති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.