අස්සයා පැන ගියාම ඉස්තාලේ වහපු මහ බැංකුව

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (06දා) පස්වරු 4.30 සිට මාස 6කට අත්හිටුවීමට තීරණය කළා. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ තීරණය ගෙන ඇති බව සඳහන්. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පත් කළ බැඳුම්කර කොමිසම මේ වනවිට විශේෂ විමර්ශනයක්ද සිදු කරනවා. කෙසේ වෙතත් මෙම තහනම අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවක් බවයි ඇතමුන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published.