ආනන්ද නාලන්ද ගැටුමට හේතුව

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් 2ක සිසුන් අතර මරදාන සහ බොරැල්ල යන ප‍්‍රදේශවලදී ඇති වූ ගැටුම්වලින් පසු සිසුන් 8 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි නවතම වාර්තා සඳහන් කළේ. කොළඹ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් අතර ඇති වූ ගැටුමෙන්  ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකටද හානි සිදුව තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලික බස් රථයකට, වෑන් රථ දෙකකට සහ මෝටර් රථයකට ද අලාභ සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සිසුන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ. කෙසේ වෙතත් ගැටුමට හේතුව මෙතෙක් නිවරදිව තහවුරු වී නැතැයි සදහන්.

Leave a Reply

Your email address will not be published.