ආන්ඩුවේ 28 ක් ඒකාබද්ධයට ?

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට සම්බන්ධ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට සහය පල කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද තම පාර්ශවයට ලැබෙනු ඇති බවයි. ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට බහුතර බලයක් ලබානොදීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බවයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.

අයවැය ඡන්ද විමසීමට සහභාගී නොවුණ ද නව ව්‍යවස්ථාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති බව එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

Leave a Reply

Your email address will not be published.