ඇන්ජලෝ මැතිව්ස් සහ ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වෙයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා. ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසංක ගුරුසිංහ මහතා සමග ඇතිව තිබෙන කිසියම් ගැටුමක් හේතුවෙන් බවයි වාර්තාවන්නේ. මේ හේතුවෙන් කණ්ඩායම දෙකට බෙදී ඇතැයිද වාර්තාවනවා. ශූරයන්ගේ කුසලාන තරගාවලිය අතර මේ වනතුරු අසංක ගුරුසිංහ මහතාගේ සේවය ඇගයීමට මැතිව්ස් කටයුතු නොකිරීමද මෙම අර්බුදය වැඩිදියුණු වීමට හේතු වී ඇති බවට එංගලන්තයෙන් ආරංචි වෙනවා. තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන සංගක්කාර පුහුණුවීම් අතර කණ්ඩායමේ නවක ක්‍රීඩකයින්ට උදව් කිරීම ගැන ප්‍රසංසා කිරීමට මැතිව්ස් අමතක කළේ නැහැ. ඒ නිසයි ඉන්දීය තරගය ජය ගැනීම පසුපස සංගක්කාර සිටින බව මැතිව්ස් පැවසුවේ.

කෙසේ වෙතත් මේ තත්වය හේතුවෙන් ශූරයන්ගේ කුසලානය අවසන්ව කණ්ඩායම දිවයිනට පැමිණි වහාම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට ලබදෙන බවයි ෆෝඩ් පවසා ඇත්තේ. ඔහු සමග මැතිව්ස්ද නායකත්වයෙන් ඉල්ලා අස්වනු ඇතැයි සදහන්. මෙම තත්වය වෙනස් කිරීමට කිහිපදෙනෙකු උත්සාහ ගත්තද ඔවුන්ගේ උත්සාහය බොහෝවිට ප්‍රතිඵල රහිත වනු ඇති බව ආරංචි වනවා.

5 thoughts on “ඇන්ජලෝ මැතිව්ස් සහ ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වෙයි ?

Leave a Reply

Your email address will not be published.