ඇමති රවීගේ බෙල්ලට තොන්ඩුව වැටෙයි ?

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක අමාත්‍යවරයාට ඍජුවම චෝදනා එල්ල වී ඇති බවයි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද ඊට සහාය ලබා දෙනු ඇතැයි විජිත හේරත් මන්ත‍්‍රීවරයා සඳහන් කළා. පසුගිය වසරේදීද ඒකාබද්ධ විපක්ෂය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළා.

කෙසේ වෙතත් මෙවර විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළහොත් ආන්ඩුව පැහැදිවම දෙකට බෙදෙනු ඇති. ඒ බැදුම්කර ගනුදෙනුවේදී අමාත්‍ය රවී කරුණානායකට එල්ලවී ඇති චෝදනා බොහෝදුරට ඔප්පු වී තිබීම හේතුවෙනුයි. මෙහිදී අමාත්‍යවරයාව බේරා ගත්තත් නොගත්තත් ආන්ඩුව ගිරේට අසුවූ පුවක් ගෙඩිය මෙන් වී ඇතැයි දේශපාලන විචාරකයන් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බොහෝ මැති ඇමතිවරු රවීට එරහි විශ්වාසභංගයේදී ජන්දය ලබාදීමෙන් වලකිනු ඇතැයි සදහන්.

Leave a Reply

Your email address will not be published.