ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණේ – Exclusive

පසුගිය දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු ඇමරිකාවේ සංචාරයේ නිරතවූයේ සිය ඇමරිකානු පුරවැසිකම ඉවත්කරගෙන ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීමට බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි. ඔහු ඇමරිකාවේ සිටි කාලයේ ඔහුට එරෙහිව පැවති අත්අඩංගුවට ගන්නට සූදානමක්ද පැවති නඩුවක් දිගින් දිගටම කල් දමා තිබුණි. මෙම කාලය තුළ ඔහුව හමුවීමට යුක්රේනයේ සිට ඩුබායි හරහා ඇමරිකාවට යන්නට හැදූ උදයංග වීරතුංගවද පසුගියදා අත්අඩංගුවට පත් විය.

තමාට දේශපාලනයට පිවිසිමේ අදහසක් නොමැති බව ගුවන් තොටුපලේදි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයක් යළි අවශ්‍ය බව මෙවර ඡන්ද විමසීමේදී ජනතාව ප්‍රකාශ කර ඇති බව ඔහු සඳහන් කළේය.

3 thoughts on “ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණේ – Exclusive

  • February 14, 2018 at 2:22 am
    Permalink

    It’s very effortless to find out any matter on web as compared to textbooks, as
    I found this piece of writing at this web site.

    Reply
  • February 14, 2018 at 6:59 am
    Permalink

    I seriously love your blog.. Very nice colors & theme.
    Did you build this amazing site yourself? Please reply back as I’m hoping to create my own website
    and would like to learn where you got this from or what the
    theme is named. Many thanks!

    Reply

Leave a Reply

Your email address will not be published.