ඇල්ලේ සම්බාහනය තහනම් !

දෙස් විදෙස් සංචාරකයින් මෙරට ස්පා ආයතන වෙත යාම මේ වන විට බහුලව දැක ගත හැකි තත්වයක්. එහෙත් මෙම සම්බාහන ආයතන පවත්වාගෙන යන්නේ කිසිදු ප්‍රමිතියකින් තොරවයි. බොහෝ සම්බාහන මධ්‍යස්ථානවල සිදුවන්නේ ලිංගික වෙලදාම මිස සම්බාහනයක් නොවේ. එහෙන්ම කිසිදු සම්බාහනය පිලිබද දැනුමක් නොමැති කාන්තාවන් සම්බාහිකාවන් ලෙස සේවය කිරීමත් කැපී පෙනෙනවා. ඔවුන් සිදුකරන්නේ පැමිණෙන ගැණුම්කරු පිනවීම සදහා සිය සිරුර නිරුවත් කිරීමයි.

කෙසේ වෙතත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂය තුල මෙලෙස ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන සම්බාහන ආයතන වැටලීමට ඌව පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඇල්ලේ පමණක් සම්බාහන මධ්‍යස්ථාන 31 කට වඩා අධික සංඛ්‍යාවක් ඇති බවයි හදුනාගෙන ඇත්තේ. එම සම්බාහන මධ්‍යස්ථානවල රුපියල් 1500 සිට කාන්තාවන් සිරුර විවිධ ආකාරයේ අලෙවි කිරීම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ. මෙය විදෙස් සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල ඇතැයි සදහන්. සම්බාහන මධ්‍යස්ථාන වැටලීමට විශේෂ වැටලීම් කණ්ඩායමක්ද පත්කර තිබෙනවා. ඒ සදහා පොලීසියේද සහය ලබාගෙන ඇති බව සදහන්.

7 thoughts on “ඇල්ලේ සම්බාහනය තහනම් !

Leave a Reply

Your email address will not be published.