ඉන්දීය ගිලන් රථ සේවයට අසභ්‍ය ඇමතුම්

ඉන්දීය හදිසි ප‍්‍රතිචාර ගිලන් රථ සේවාව මගින් කිසිදු ඉන්දියානුවෙකුට රැකියා ලබාදී නොමැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. එම ගිලන් රථ සේවාවේ මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණයකට අද (06) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

“අගමැතිතුමා කිවුවා වගේ අපි මේ කරන්නේ පිනක්. සාමාන්‍යයෙන් දවසකට ඇමතුම් 270 ක් 275ක් වගේ එනවා. එන ඇමතුම් වලින් බොහෝමයක් එන්නේ 1990 කියලා එකක් තියෙනවද කියලා පරික්ෂා කරන්න.

සමහරු කතාකරන්නෙ නැතුව තියනවා. අපේ ලංකාවේ හැටියක්නේ ඒක. තවත් කිහිප දෙනෙක් කතාකරලා හිත රිදෙන දේවල් කියනවා , කැත වචන කියනවා.

දවසකට කොහොමත් ගිලන් රථ 10ක් 11ක් විතර අපි පිටත්කරලා යවනවා. මේ වෙනකොට රැකියා හාරසිය හැත්තෑගානක් ලබා දීලා තියෙනවා. ඉන්දියාවේ කිසිම කෙනෙක්ට මෙතන රැකියා දීලා නැහැ”.

ආචාර්ය හර්ෂ ද සිල්වා එලෙස අදහස් දැක්වූවා.

Leave a Reply

Your email address will not be published.