ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව සටනේ

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම වෙනුවෙන් ශතක රැස් කර ගැනීමට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 110 ක් රැස්කරගෙන සිටියදීයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවේ කඩුලු දෙකක් දැවී ලකුණු 209 ක් ලබාගෙන සිටියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92 ක් ලබාගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 230 ක් පසුපසිනුයි සිටින්නේ. තුන්වන දිනය අද තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේදීයි.

One thought on “ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව සටනේ

  • August 19, 2017 at 7:04 pm
    Permalink

    Ever traveled to Vermont? I found this on WordPress Oh my goodness! A good article. You deserve a hug right now.

    Reply

Leave a Reply

Your email address will not be published.