උඩුවේ දම්මාලෝක හිමිට බණ දේශනා කිරීමට අවසර

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවකු තම සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියසම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක් ව ඇති පූජය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එංගලන්තයේ පැවැත්වෙන ධර්ම දේශනයක් සදහා සහභාගී වීමට   කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා.

සැප්තැම්බර් මස 3 දා සිට 7 දා තෙක් එංගලන්තයේ සද්ධාතිස්ස ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ධර්ම දේශනයක් සදහා සභාගී වීමට අවසර ලබා දෙන ලෙසටයි ධම්මාලෝක හිමියන් මොෂමක් මගින් ඉල්ලා සිටියේ.

ඒ අනූව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධතාවක් දැක්වූයේ නැති බවයි ප්‍රයිම් ලංකා අධිකරණ වාර්තාකරු කියා සිටියේ. කෙසේ වෙතත් විදේශ ගත වී ආපසු පැමිණ සැප්තැම්බර් 13 දා විදේශ ගමන් බලපත්‍රය අධිකරනයට භාර දෙන ලෙසට මහාධිකරන විනිසුරු නිශ්ශංක කරුණාරත්න මහතා නියෝග  කර තිබෙනවා. මෙම නඩුව විභාගය සදහා සැප්තැම්බර් 20 යලි කැදවීමට නියමිතයි.

වර්ෂ 2015 ජනවාරි මස 28 දා කිරුලපන ඇලන්මැතිනියාරාමයේ ලියාපදිංචි නොකළ ඇත් පැටවකු පොදු දේපලක් ලෙස දැන දැන ලග තබා ගනිමින් වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

One thought on “උඩුවේ දම්මාලෝක හිමිට බණ දේශනා කිරීමට අවසර

  • June 17, 2017 at 4:59 am
    Permalink

    Gorguz!! Love the combo hun, do9#&3n;t think I'll ever tire of glitter nails! Lol! I just got the Milani Jewel FX Gold this weekend! Have been lemming after it for yonks after seeing it on a blog also 😀 cannot wait to try, got it online from Cherry Culture where its on sale too if ya wanna get it :DLove Aysh xoxo

    Reply

Leave a Reply

Your email address will not be published.