උතුරු කොරියාව සමග යුද්ධයකට ඇමරිකාවත් ජපානයත් එක්වෙයි ?

උතුරු කොරියාව ජපාන මුහුදට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙරටම හෙළා දැක තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ ජපන් අගමැති ෂින්සෝ අබේ ෆ්ලොරිඩාහිදී පැවති හමුවකට සහභාගීවී සිටියදී මෙම මිසයිල් ප්‍රහාරය පිලිබඳ වාර්තා වුණා. ජපන් අගමැතිවරයා පැවසුවේ උතුරු කොරියාවේ මෙම ක්‍රියාව ඉවසා සිටිය නොහැකි බවයි. මෙහිදී ඇමරිකාව ජපානය වෙනුවෙන් මුළුමනින්ම පෙනීසිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක සීමාවන් ඉක්මවා යමින් සිදුකළ මෙම මිසයිල් ප්‍රහාරය පිලිබඳ අදහස් දක්වමින් දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ න්‍යෂ්ඨික සහ මිසයිල තාක්ෂණය පිලිබඳ උතුරු කොරියාවේ ඇති අසාමාන්‍ය කැමැත්ත මෙම ප්‍රහාරය මගින් පිළිබිඹු වන බවයි.

10 thoughts on “උතුරු කොරියාව සමග යුද්ධයකට ඇමරිකාවත් ජපානයත් එක්වෙයි ?

Leave a Reply

Your email address will not be published.