උපුල් තරංගත් වැඩ පෙන්වයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවති පළමු තරගය පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. මෙම තරගයේදී නිත්‍ය නායක ඇන්ජලෝ සහ නිත්‍ය උප නායක චන්දිමාල් නොමැතිවයි ශ්‍රී ලංකාව තරග බිමට පිවිසියේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංග සතුවුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ උපුල් තරංග පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්බේ ඉදිරිපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. පළමු කඩුලු 6 ලකුඛු 50 ක්ව තිබියදී දැවී ගියා. පීටර් මූර් ලකුණු 47 ක් ලබාගනිමිින් ඉනිමට යම් ජීවයක් එක්කළා. කෙසේ වෙතත් සිම්බාබ්බේ කණ්ඩායමට සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154 ක් පමණයි.
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ අසේල ගුණරත්න කඩුලු 3 ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව වේගවත් ආරම්භයක් ලබාගත්තා. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 78 යි. නිරෝ්‍ෂන් දික්වැල්ල ලකුණු 41 යි. මේ අනුව කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 155 ක් ලබා ගනිමින් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ තවත් පන්දුවාර 26 කුත් පන්දු 3 ක් ඉතිරිව තිබියදී වීම කැපී පෙනෙනවා.

6 thoughts on “උපුල් තරංගත් වැඩ පෙන්වයි

Leave a Reply

Your email address will not be published.