උයන්න ආ කෝකියා මනමාලයාගේ මංගල මුද්ද උස්සලා

ඇඹරලුව – උතුර ප්‍රදේශයේ නිවෙසක පවත්වනු ලැබූ විවාහ මංගල්‍යයක පසු දින උත්සවයේ (හෝම් කමින්) ආහාර පිසීම සඳහා පැමිණ රුපියල් හතළිස්‌ අටදහසක්‌ පමණ වටිනා මනමාලයාගේ මංගල මුදුව සොරා ගන්නා ලද සූපවේදියකු වැලිවේරිය පොලිසිය පසුගියදා මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සූපවේදියා සොරා ගන්නා ලද මුද්ද ඔහු ළඟ තිබී සොයාගෙන ඇතැයි සදහන්. පසුගිය 12 වැනිදා සවස එම උත්සවයේ වැඩකටයුතු නිම වීමෙන් අනතුරුව මනාලයා දිය නෑම සඳහා නිවසේ නාන කාමරයට ගොස්‌ මංගල මුද්ද ගලවා නාන කාමරයේ තබා තිබෙනවා. ඒ අවස්‌ථාවේ මනාලයාට දුරකථන ඇමතුමක්‌ ලැබී ඇතැයි සදහන්. මනාලයා දුරකථන ඇමතුම ලබා ගැනීමට එළියට ආ විට සූපවේදියා නාන කාමරයට ගිය බව නිවසේ සිටි ඥතියෙකු දැක තිබෙනවා. ඉන්පසුව බලන විට මුද්ද තැබූ ස්‌ථානයේ දකින්නට ලැබී නැහැ. මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එම සූපවේදියාගේ බිරිඳ නීතිඥවරියක් බවයි වාර්ථා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published.