එංගලන්ත වෙරළේදී මියගිය ශ්‍රී ලංකිකයින් පස්දෙනා – ඡායාරූප

එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය තරුණයන් පස් දෙනාම දියේ ගිළුණු බව එම අවස්ථාවේ වෙරළේ සිටි බොහෝ දෙනෙකු දුටු බවයි එංගලන්තයේ මාධ්‍ය වාර්තා කළේ.

මියගිය පස් දෙනාගේම සිරුරු සොයාගෙන තිබෙනවා. මෙම තරුණයන් පස්දෙනා ලන්ඩන් නුවර සිට එක්දින චාරිකාවක් සදහා කැම්බර් වෙරළට පැමිණ ඇතැයි සදහන්. දමිල ජාතිකයින් වන මෙම තරුණයින් පස් දෙනා එරට අධ්‍යාපනය ලබමින් සිටි බවත් වාර්තා අතර දැක්වෙනවා.

එංගන්තයට ගී‍්‍රෂ්ම ඍතුව ගෙවන මෙම කාලසීමාව තුළ බොහෝ පිරිස් වෙරළාසන්න ප‍්‍රදේශවලට සහ එළිමහන්වල ගතකිරීම සාමාන්‍ය දර්ශනයක්. තරුණයන් පස්දෙනා අනතුරට පත්වන අවස්ථාව වනවිට කැම්බර් වෙරළෙහි විිසිපන්දහසකට අධික පිරිසක් සිටි බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ජීවිත ආරක්ෂකයින් සිට ඇත්තේ හත් දෙනෙකු පමණයි. ප්‍රමාණවත් පිරිසක් සිටියේනම් මෙම අනතුර වලක්වාගැනීමට හැකි බවත් එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මිය ගිය තරුණයින් පස් දෙනා ශ්‍රී ලාංකිකයින් දැයි මෙතෙක් නිල වශයෙන් හඳුනාගෙන නැතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

england 05

england 04

england 03

england 01

england 07

england 09

Leave a Reply

Your email address will not be published.