ඔලිම්පික් උළෙලට ගිය මෙරට නිලධාරීන් ගැන පරීක්ෂණ

බ‍්‍රසීලයේ පැවති ඔලිම්පික් කි‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩා නිලධාරින් 46 දෙනෙකු සහභාගිවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

බ‍්‍රසීලයේ රියෝදජනැයිරෝ නුවර පැවති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 9 දෙනෙකු පමණක් සහභාගි වූණා. එහෙත් ඊට නිලධාරීන් 46 දෙනෙකු සහභාගි වූයේ කුමන පදනමින් දැයි අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත්තේ.

තරගාවලිය සදහා සහභාගීවීමට එක් නිලධාරියකුට රුපියල් ලක්ෂ 4 කට අධික මුදලක් වැයකර ඇති බවත් වාර්තා වනවා. තරගාවලිය සදහා එක්වූ ඇතමුන් ව්‍යාජ තොරතුරු දක්වා ඊට එක්කර ඇති බවය මාධ්‍යවේදියකු පුහුණුකරුවකු ලෙස එක්කිරීමෙන්ම පෙන්නුම් කරනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා මහතා පසුගිය කාලය පුරා මෙලෙස තරගාවලි සදහා නිලධාරීන් සහභාගීකරවීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් සදහන්.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙතෙක් පවත්වා නැති අතර එය වාරණය කර ඇත්තේ ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවයි. මෙරට ක්‍රීඩා රෙගුලාසි නැවත සකස්කරන තුරු මෙම නිලධාරීන් සිය තනතුරුවල කටයුතු කරනු ඇති.

Leave a Reply

Your email address will not be published.