ඕස්ට්‍රේලියාවට වෙන දේ – වීඩියෝ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අවසානයේ කඩුලු තුනක් දැවී ඔස්ට්‍රේලියාව දෙවන ඉනිමට ලකුණු 83 ක් ලබා සිටිනවා. මේ අනුව ඔවුන් තරගය ජය ගැනීමට නම් තවත් ලකුණු 185 ක් ලබා ගත යුතු වනවා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 117 ක් පමණයි. ඊට පිලිතුරු ලෙස ඕස්ට්‍රේලියාව ලකුණු 203 යි.

එහෙත් දෙවන ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 353 ක් ලබා ගත්තා. කණ්ඩායම ඒ දක්වා කැදවාගෙන ගිය කුසල් මෙන්ඩිස් කැන්ගරුවන් දණ ගස්වමින් ලකුණු 176 ක් ලබා ගත්තා. එය පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පිතිකරුවකු වාර් තා කළ හොදම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ඔහු නායක ඇන්ජලෝ මැතිව්ස්ට පවා ආදර් ශමත් පිතිකරණයක නිරත වූ බවයි විචාරකයින් පවසන්නේ.

අනතුරුව පිටියට පිවිසි කැන්ගරුවන්වද චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් බියගන්වා ඇති බව වාචාරකයින් පෙන්වා දෙනවා. ඔහු පළපුරුදු ක්‍රීඩකයකු ලෙස පන්දු යවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ශේන් වෝන්ද ඔහුගේ පන්දු යැවීම පිලිබද අවධානය යොමුකළ යුතු බව විචාරකයින් වැඩිදුරටත් පවසනවා.

තරගයේ අද දිනයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව

Leave a Reply

Your email address will not be published.