කපුගෙදර ගෙදර එයි ?

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමගින් තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව හෙට තරගවැදීමට නියමිතයි. එහෙත් අද පැවති පුහුණු තරගයේදී චාමර කපුගෙදර අවාසනාවන්ත ලෙස පාදයේ ආබාදයකට ලක්ව තිබෙනවා. ඔහු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කළේ මැදපෙල ශක්තිමත් කිරීම සඳහායි. පරාජය වූ මූලික වටයේ දකුණු අප්‍රිකාව සමග වූ තරගයේදීත් චාමර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. හෙට තරගයේදීත් බොහෝවිට චාමර කපුගෙදර ක්‍රීඩා කිරීමට නියමිතව සිටි බවයි එංගලන්තයෙන් වාර්තාවන්නේ . කෙසේ වෙතත් පුුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වූයේ කිසිවකු නොසිතූ ලෙසයි. මෙම ආබාධය හේතුවෙන් ඇතැම්විට ඔහුට තරගාවලිය අතහැර විවේක ගැනීමට යලි මව්රටබලා පැමිණීමට සිදුවනු ඇති. චාමර වෙනුවට ධනුෂ්ක ගුණතිලකව ශූරයින්ගේ කුසලානයට යැවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. ධනුෂ්ක ආරමිභක පිතිකරුවකු ලෙස නමක් දිනාගත්තකු බව නොරහසක්. තරගාවලියේ ඉදිරියට යෑමටනම් ශ්‍රී ලංකාවට හෙට ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ඉතා වැදගත් වෙනවා.

One thought on “කපුගෙදර ගෙදර එයි ?

Leave a Reply

Your email address will not be published.