ක්‍රිකට් අලුත් පුහුණුකරුවන් එයි ඉන්න පුහුණුකරුවන් හැලෙයි

ඩිඅන් ජෝන්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකරු ලෙස පත්කිරීමට ක්‍රිකට් ආයතනයට යෝජනා වී තිබෙනවා. ඉන්දියාව සමග මේ වන විට පැවැත්වෙන තරගාවලියේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හෂාන් තිලකරත්න මහතායි. කෙසේ වෙතත් මෙම තරගාවලියේ මේ වන විට නිමාවී ඇති ටෙස්ට් තරග දෙකේදීම මෙරට පිතිකරුවන් අසාර්ථක වුණා. මේ හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ඉනිමකින්ද පරාජය වීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ. මෙම තත්වය සැලකිල්ලට ගෙනයි දැනට පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්න මහතාව වයස 19 න් පහළ පිතිකරු පුණුකරු ලෙස පත්කරන ලෙස යෝජනා වී ඇතැයි වාර්ථා වන්නේ. ඩිඅන් ජෝන්ස් හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක්. කලක් පුහුණුකරුවෙක් ලෙසත් කටයුතු කළ ඔහු මේ වන විට විස්තර විචාරකයකු ලෙස කටයුතු කරනවා.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතාව මෙරට වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමටත් ක්‍රිකට් ආයතනයට යෝජනා වී තිබෙනවා. මීට පෙර මෙරට වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ චම්පක රාමනායක මහතායි. ඔහුගේ ඉවත්වීමෙන් පසු මෙරට වේග පන්දු යවන්නන්ට උපදෙස් ලබාදුන්නේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්. ඔහුව මෙරට වයස 19 න් පහළ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්ථා වනවා. මේ වන විට පැවැත්වෙන ඉන්දීය තරගාවලියෙන් පසු මෙම පත්කිරීම් සිදුකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සෙනවිරත්න මහතාව ඉවත් කිරීමටත් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි වාර්ථා වනවා.

One thought on “ක්‍රිකට් අලුත් පුහුණුකරුවන් එයි ඉන්න පුහුණුකරුවන් හැලෙයි

  • August 19, 2017 at 10:23 pm
    Permalink

    Certainly a lot of info to take into consideration. You remind me of my boyfriend. Somehow you make time stop and fly at the same time.

    Reply

Leave a Reply

Your email address will not be published.