ක්‍රිකට් ක්‍රීඩකයින්ට අගමැති කිව්ව කථාව

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) සවස තේ පැන් සංග‍්‍රහයක් ලබා දුන්නා. ඊට වයස අවුරුදු 19 ක් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද ආරාධනා කර තිබීම කැපී පෙනුනා.

මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 2019 ක්‍රිකට් එක්දින ලෝක ශූරතාව දිනා ගැනීම සදහා මෙය ආරම්භයක් කරගත යුතු බවයි. ජයග්‍රහණ සේම පරාජයන්ද පන්නරය කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායම භාරගන්නා ක්‍රීඩකයින් ලෙසයි යොවුන් ක්‍රීඩකයින්ට ආරාධනා කර තිබුනේ. අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ වයස 19 ක් පහළ ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීම සදහාද කටයුතු කළ යුතු බවයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සදහා වැඩපිලිවලක් සකසන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට උපදෙස් ලබාදුන් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. ඒ සදහා අවශ්‍ය සියළු සහය රජය ලබාදෙන බවයි ප්‍රකාශ කෙරුණේ. කණ්ඩායම ක්‍රීඩා කරන විට එකම රටක ජාතික හැගීම ජනිත වන බවත් ක්‍රිකට් ජාත්‍යන්තරය දිනන ශ්‍රී ලංකාවේ සලකුණක් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩකයින්ට කියා සිිටියා. මෙම කථාව එම අවස්ථාවේදීම දෙමල පරිවර්ථනයක්ද සහිතව ඉදිරිපත්කිරීම කැපී පෙනුනා.

අරලියගහ මන්දිරයේදී මෙම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල හා හිටපු ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ranil-with-cricket-02

ranil-with-cricket-03

4 thoughts on “ක්‍රිකට් ක්‍රීඩකයින්ට අගමැති කිව්ව කථාව

Leave a Reply

Your email address will not be published.