ක්‍රිකට් පරාජයේ Record එක සහ අවාසනාවේ Toss එක.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමූ තරගය පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව නොකඩවා තරග 8ක් පරාජය වීමේ අවාසනාව හිමිකරගත්තා. එසේම වසරක් තුළ සහභාගී වූ එක්දින තරග වලින් වැඩිම තරග සංඛ්‍යාවක් පරාජය වූ කණ්ඩායම ලෙස වාර්ථා අතරට පැමිණීමටද ශ්‍රී ලංකාවට සිදු වුණා. ඒ මුහුණ දුන් තරග 22 අතුරින් තරග 17 ක් පරාජයට පත්වීමෙන්. ඊට ඉන්දියාව සමග පැවති තරගාවලියේ සමස්ථ තරග 5ත්, දකුණු අප්‍රිකාව සමග පැවති තරගාවලියේ සමස්ථ තරග 5 ත්, බංග්ලාදේශය හා සිම්බාබ්වේ හමුවේ ලද පරාජයනුත් ඇතුළත්.

මෙම තරග පරාජයන්ට මූලිකම හේතුව ලෙස පෙනෙන්නේ පන්දු යැවීමේ අංශයේ ඇති දුර්වලතාවයයි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරග 22 තුළ අවස්ථා 3 කදීම ලකුණු 300 සීමාව පසුකලද ඒ කිසිදු අවස්තාවක එම ලකුණු ප්‍රමාණය රැක ගැනීමට පන්දු යවන්නන්ට හැකිවුයේ නැහැ. අවස්ථා 8 කදී අපගේ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 300 සීමාව පසු කිරීමට ප්‍රතිවාදීන් සමත් වූ අතර තවත් අවස්ථා 2කදී ලකුණු 290 සීමාව පසු කිරීමටද ප්‍රතිවාදීන් සමත් වුණා. මේ වසරක් තුළ තරග 20 ක් පමණ ක්‍රීඩා කළ මොනයම් හෝ කණ්ඩායමක් දැක් වූ දුර්වලතම පන්දු යැවීම ලෙස වාර්ථා වනවා. ඒ අනුව එක කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දී ඇති ලකුණු සාමාන්‍ය 47.31 ක්. මෙයද මෙතෙක් වාර්ථා වී ඇති දුර්වලතම පන්දු යැවීම ලෙස වාර්ථා අතරට එක වී අවසන්.

පන්දු යැවීමට සාපේක්ෂව ගත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම වසරේදී වඩා හොඳින් සිය රාජකාරිය ඉටු කොට තිබීම වැදගත් කරුණක්. ඒ ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණ 4 න් 2ක් ම ප්‍රතිවාදීන් විසින් ලකුණු 300 සීමාවට වඩා ලකුණු ලබා තිබියදී ලබා ගත් ජයග්‍රහණ වීම නිසයි. ඒ අතුරින් වැදගත්ම තරගය වුයේ චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 323ක් හඹා ගොස් ලබා ගත් ජයග්‍රහණයයි. අනෙක් තරගය හම්බන්තොටදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 311ක් හඹා ගොස් ලබාගත් ජයග්‍රහණයයි. එසේම පසුගිය තරග 22 තුළ අවස්ථා 6 කදීම ලකුණු 300 සීමාව පසු කිරීමට පිතිකරුවන් සමත් වුණා. එයින් තරග 3 කදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දී ඇති අතර ඒ තරග 3 ම පරාජය වුණා. මෙයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ දුර්වලතාවය පෙන්නුම් කරන්නක්.ශ්‍රී ලංකා පන්දු යවන්නන් එක් පන්දුවාරයකදී ප්‍රතිවාදීන්ට ලබා දී තිබෙන ලකුණු සාමාන්‍ය 6.07ක්. එයත් මෙම වසර තුළ කණ්ඩායමක් දැක්වූ දුර්වලතම පන්දු යැවීම ලෙස සටහන් වනවා.

පසු සටහන – මෙම වාර්ථා සමග සැලකීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කාසියේ වාසිය ලැබීමේ කිසිදු විශේෂ වැදගත්කමක් නැත. එහෙත් කාසියේ වාසිය දිනු විට ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කරන්නේ පන්දුකරණයේ දුර්වලතාව වසා ගැනීම සඳහායි. නමුත් පසුගිය කාලය තුළදී තරග දිනවීමට සමත් වූ පිතිකරුවන් වුයේ ධනුෂ්ක ගුණතිලක,අසේල ගුණරත්න,කුසල් ජනිත් පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයනුයි. ඔවුන් මේ තරගාවලිය තුළ ක්‍රීඩා කරන්නේ නැත. ඒ නිසා කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දී අඩු පීඩනයක් යටතේ පිතිකරුවන්ගෙන් වැඩි ප්‍රතිඵලයක් අපේක්ෂා කිරීම යහපත් විය හැක. විශේෂයෙන්ම කණ්ඩායමට නිසි නායකයෙක් නොමැති අසීරු අවස්තාවක විශේෂ පුද්ගලික දක්ෂතාවයක් නොපෙන්වූ උපුල් තරංගට තමාගේ හා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනස් යමක් කිරීමට සිදුවේ. නොඑසේනම් වන්නේ Toss එක දිනීමේ වාසනාව අවාසනාවක් බවට පරිවර්තනය වීමයි. එසේම පන්දුවට පහර දීමේදී කණ්ඩායමේ පළමු පිතිකරුවන් තුන් දෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු පන්දුවාර 50 අවසන් වනතුරු ක්‍රීඩා කල යුතුයි යන පැරණි මූලධර්මය ක්‍රියාත්මක කිරීමද මෙම දුෂ්කර අවස්ථාවේදී කළ යුත්තකි.

9 thoughts on “ක්‍රිකට් පරාජයේ Record එක සහ අවාසනාවේ Toss එක.

  • October 27, 2017 at 11:11 am
    Permalink

    Hi there, I discovered your web site by means of Google at the same time as searching for a related matter, your web site got here up, it appears great. I’ve added to my favourites|added to bookmarks.

    Reply
  • October 30, 2017 at 10:38 pm
    Permalink

    Good day very cool website!! Guy .. Excellent .. Amazing .. I’ll bookmark your site and take the feeds also?I’m satisfied to find so many useful information right here in the post, we’d like develop more techniques in this regard, thanks for sharing. . . . . .

    Reply
  • October 31, 2017 at 11:31 pm
    Permalink

    I’ll right away take hold of your rss as I can not in finding your email subscription hyperlink or newsletter service. Do you have any? Please allow me recognise in order that I may subscribe. Thanks.

    Reply
  • November 3, 2017 at 1:39 am
    Permalink

    Useful information. Lucky me I found your site by accident, and I am stunned why this coincidence didn’t came about in advance! I bookmarked it.

    Reply
  • November 8, 2017 at 4:55 pm
    Permalink

    You are in point of fact a excellent webmaster. The web site loading velocity is incredible. It kind of feels that you are doing any distinctive trick. Moreover, The contents are masterpiece. you have done a wonderful task in this subject!

    Reply
  • November 9, 2017 at 6:18 pm
    Permalink

    I cherished as much as you’ll receive carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. however, you command get got an edginess over that you would like be turning in the following. sick indisputably come further in the past again as precisely the same just about a lot frequently inside case you shield this increase.

    Reply
  • November 11, 2017 at 4:19 am
    Permalink

    I’m extremely inspired along with your writing abilities as smartly as with the structure for your weblog. Is this a paid theme or did you modify it yourself? Anyway keep up the nice quality writing, it’s uncommon to look a great blog like this one today..

    Reply
  • November 12, 2017 at 8:21 pm
    Permalink

    Woah this blog is magnificent i love reading your posts. Keep up the good work! You understand, many persons are hunting around for this info, you could help them greatly.

    Reply
  • November 14, 2017 at 7:02 am
    Permalink

    I cherished up to you will obtain performed right here. The comic strip is tasteful, your authored material stylish. nevertheless, you command get bought an impatience over that you would like be turning in the following. sick surely come more in the past again since exactly the similar just about a lot regularly inside of case you shield this increase.

    Reply

Leave a Reply

Your email address will not be published.