කාන්තා මරණ පරීක්ෂණයක් හේතුවෙන් හදිසි මරණ පරීක්ෂකට ගුටි බැට

කතරගම හදිසි මරණ පරීක්ෂකවරයාට කිසියම් පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා.  ඔහුට අයත් වෙළෙඳසැලක් ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කතරගම නාගහවීදිය ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණ පරීක්ෂණ කටයුතු ඇය මියගිය දිනයේම සිදුනොකිරීම හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කතරගම මරණ පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. පහරදීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Leave a Reply

Your email address will not be published.