කුලසේකරට පොලිස් ඇප

කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. යතුරු පැදිකරුවකු බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා. ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ කුලසේකර ගමන්ගත් මාර්ගයට යතුරුපැදිකරු වේගය පලනය කරගත නොහැකිව පැමිණ ඇති බවයි. කුලසේකර නුවර සිට කොළඹ බලා මෝටර් රථය ධානය කරමින් තිබූ බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

අනතුරෙන් නිට්ටඹුවේ පදිංචි 28 හැවිරිදි තරුණයකු මිය ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.