ගමනාගමන කොමිෂන් සභා නිලධාරීන් රාජකාරීවලින් ඉවත්වෙයි

සිය ගැටලුවලට විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අඛණ්ඩව වැඩවර්ජනයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් පවසනවා. සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණා.

ඒ ගමනාගමන කොමිෂන් සභාවේ වෘත්තිය සමිති නියෝජිතයන් සහ සභාපතිවරයා අතරයි. ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයාද සහභාගිවිමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් සාකච්ඡාවට සහභාගිවීමට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් පලවා හැරීමට සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබුණා.

එම නිසා පැය දෙකකට අධික කාලයක් ඔවුන් කාර්යාල අඩස්සියේ තැබීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවකයන් කටයුතු කළේ.

මේ වන විට ගමනාගමන කොමිෂන් සභාවේ සියළුම නිලධාරීන් සේවා වලින් ඉවත්ව විරෝධතාවකට එක්ව සිටිනවා. ඔවුන් බලධාරීන් සමග සාකච්ජාවකට හෝ නොයන බවයි පවසන්නේ.

ඊයේ දිනයේදී සාකච්ජාවක් ඉල්ලීම පිලිබද අධ්‍යක්ෂ ජනරල්වරයා  පොලීසියට පැමිණිලි කර ඇත්තේ තර්ජනය කළ බව පවසමින් බවයි සේවකයින් කියා සිටියේ. මේ හේතුවෙන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරල්වරයා ඉවත්කරන තුරු සටනට පිවිසෙන බව ඔවුන් කියා සිටියා. මෙම විරෝධතාවන්ට බස් සංගම් නියෝජිතයින් සහ හිමිකරුවන්ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.