ගල් අගුරු ගැන විගණකාධිපති අලුත් කථාවක් කියයි

ආන්දෝලනාත්මක ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව ඉදිරි දෙසතිය ඇතුළත කෝප් කමිටුවට භාර දෙන බව විගණාකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. ඔහු සඳහන් කළේ, කෝප් කමිටුවේ ඉල්ලීමක් මත මෙම වාර්තාව සකස් කරන බවයි.

ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට අවස්ථා ගණනාවකදී ම ලංකා විදුලි බල මණ්ඩලයට තම විමර්ශන වරින්වර ඉදිරිපත් කළ බව ද විගණකාධිපතිවරයා පැවසනවා. ඔහු සඳහන් කළේ, තම නිරීක්ෂණ විදුලි බල මණ්ඩලය නොතකා හැරි බවයි.

මේ අතර ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව හෙට තමන් වෙත ලැබෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසනවා. නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අගුරු මිලදී ගැනීම හේතුවෙන් යම් පාඩුවක් සිදුව ඇද්දැයි සොයා බැලා වාර්තා කිරීම මෙම කමිටුවට පවරනු ලැබුවේ සිවිල් සංවිධාන කරන ලද පැමිණිලි වලට අනුවයි.

පෙර ලිපි

අතීසාරයට අමුඩ ගැසූ ගල් අගුරු වංචාව සෙවීම

ගල්අගුරු රුපියල් මිලියන 707 ක් ගල් කරයි – දූෂණ විරෝධීන්

Leave a Reply

Your email address will not be published.