ගැටුමට සංහිදියාව ඈදාගැනීම ගැන සිසුන්ගේ කණගාටුව

තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලය කඩිනමින් යළි විවෘත කිරීමට අද යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබෙනවා. එහිදී විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇතැයි සදහන්.

ලබන බ‍්‍රහස්පතින්දා සිට පීඨ මට්ටමින් විශ්වවිද්‍යාලය විවෘත කිරීමට එහිදී අවධානය යොමු  වී අති අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති. ඇතිවූ සිද්ධිය පිළිබදව සියලු දෙනාම මේ වනවිට කණගාටු වන බවත් යළි මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගන්නා බවට ශිෂ්‍ය සංගම් සහතික වූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පැවසුවා.

එම සාකච්ඡාව පැවැත්වුණේ ඞී.එම් ස්වාමිනාදන් හා අනුර ප‍්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානගේද සහභාගීත්වයෙන්. තවද මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය වසන්ති අර්සරත්නම්, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන්ද එක්ව සිටියා.

මෙම ගැටුම පිලිබද අදහස් දක්වන සිසුන් පවසන්නේ විශ්ව විද්‍යාලවල මෙවැනි ගැටුම් සාමාන්‍ය බවයි. එහෙත් මෙහිදී එයට දේශපාලන මුහුණුවරක් ලබාදීමට ඇතමුන් ක්‍රියාකිරීම කණගාටුවට කරුණක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.