ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගොස් නිලූෂි නතර වුන තැන

වසරේදී ගෘහ සේවිකාවක වශයෙන් සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක වසර 15ට පමණ පසුව සිංගප්පූරුවේදී සාර්ථක ව්‍යාපාරිකාවක බවට පත්වූ පුවතක් සිංගප්පූරු මාධ්‍ය වාර්තා කරනවා. සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසුව අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර නම් මෙම දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි. නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුව තුළ ව්‍යාපාරිකාවක බවට පත්වනවා.

එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී අභිප්‍රේරක දේශනද පවත්වා තිබෙනවා. 36 හැවිරිදි නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ පත්‍ර පෙට්ටිවලට ඇසුරුම් කළ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවන් සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නේ.

සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී (TED) නම් අභිප්‍රේරක වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් යුතුව වාර්තා කර තිබුණා. මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකානු උප ජනපතිවරයෙකු වන අල් ගෝ හා පර්යේෂකයෙකු වන ජේන් ගුඩාල් යන අය සහභාගිවී සිටියා.

දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනෙකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරුවේ ගෘහ සේවයයි. කෙසේ වෙතත් සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව තවදුරටත් සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර  හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කර ඇතැයි සදහන්.

ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ වනවිට නිලූෂිකා සාර්ථක කාන්තාවක බවට පත්ව අවසන්.

කෙසේ වෙතත් ඉන් නොනැවතී ඇති ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාද කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට ඉගැන්වීමට කටයුතු කරනවා. එසේම දුප්පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කරනවා.

3 thoughts on “ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගොස් නිලූෂි නතර වුන තැන

  • December 29, 2016 at 3:40 pm
    Permalink

    Congratulations

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    Pretty element of content. I simply stumbled upon your website and in accession capital to say that I acquire actually loved account your weblog posts. Any way I’ll be subscribing to your augment or even I fulfillment you get entry to constantly rapidly.

    Reply
  • July 26, 2017 at 6:42 pm
    Permalink

    I think the admin of this web page is truly working hard in favor of his site, for the reason that here every information is quality based stuff.

    Reply

Leave a Reply

Your email address will not be published.