චන්දිමාල් ශතකයේ රහස හෙලි කරයි

ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සිය හත් වන ටෙස්ට් ශතකය වාර්තා කළේ සිය පරිණතබාවය විදහා දක්වමින්. තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීෙයි. දිනය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිමාල් කියා සිටියේ පිටියේ රැඳී සිටිමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වෙහෙසට පත් කරවා ලකුණු අතරට යෑම සිය ඉලක්කය වූ බවයි.

ලකුණු 26 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු පහ බිඳ වැටීමත් සමග පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්, ධනංජය සිල්වා සමග එක්ව හය වන කඩුල්ල සඳහා ලකුණු 211 ක සබඳතාවක් ගොඩනැගුවා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 132 ක් රැස් කළ අතර ධනංජය සිල්වා ලකුණු 129 ක් ඉනිමට එක්කළා. මේ අනුව පළමු ඉනිම අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 355ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 141 ක් රැස් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published.