චරිත්ගේ මැද ඇගිල්ල සහ නිවේදනය සැගවීම

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු චරිත් සේනානායක සහ මුත්තයියා මුරලිදරන් අතර පසුගියදා බහින්බස් වීමක් මතුවූ බව ඔබට මතක ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක මහතාට බැන වැදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පසුගිය 24වන දා මහනුවරදී සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු චරිත සේනානායක සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් මැද ඇඟිල්ල පෙන්වා තිබෙනවා.

ch

මේ අතර ලෝක ක්‍රිකට් සම්මේලනයේ ක්‍රිකට් විශිෂ්ටයන්ගේ නාමලේඛණයට ( Hall of Fame) මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ නිවේදනයක් සිය වෙබ්  අඩවිය මගින් නිකුත් කරනු ලැබුවා. එම නිවේදනය මගින් ඔවුන් මුරලිදරන්ට සුබපැතුම් එක්කරමින් පසුගිය දා ඇතිවූ සිදුවීම් පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබෙනවා. මුරලිදරන් වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා කරන ලද කැපකිරීම් ආදිය ද ඇතුළත් එම විශේෂ නිවේදනය ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ පළ කර හදිසියේම යළිත් ඉවත් කර තිබෙනවා.

1996 දී මුරලි වෙනුවෙන් පෙනීසිටි අර්ජුනද මෙවර මුරලි ඕස්ට්‍රේලියානු පුහුණු තනතුර භාරගැනීම විවේචනය කරනු ලැබුවා. එහෙත් මහේල සහ සංගක්කාර එය නිවරදි බව හැගවෙන ලෙසයි නිවේදන නිකුත් කළේ. රටට එරහිව අභ්‍යන්තර තොරතුරු වෙනත් රටකට ලබාදීම සහ සිය රටට එරහිව සටන් වැදීමට ඔවුන්ව පුහුණු කිරීම සාධාරණීකරණය කළ හැකිදැයි මෙරට ක්‍රිකට් ලෝලීන් මේ වන විටත් තීරණය කර හමාරයි. මුදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් ඕනෑම දෙයක් කරන බවත් ඔවුන් නොදන්නවා විය නොහැකියි.

Leave a Reply

Your email address will not be published.