චීනය බයවෙලා – ඇමරිකාවට අනතුරු අගවයි

ඇමරිකාවේ ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් (Tsai Ing Wen ) අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවක් සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පළකර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය චීනය පිළිගනු ලැබීමෙන් අනතුරුව 1970 දශකයේ පටන් වොෂින්ටන් පාලනය තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටි පිළිවෙතේ වෙනසක් එම දුරකථන කතාබහත් සමඟ සිදුවුණා.

එවැනි සාකච්ඡාවක් ඇමෙරිකානු පාර්ශවයට ‘නොවැදගත් දෙයක්’ වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. තායිවානය චීනයෙන් වෙන්වී කටයුතු කරන නමුත්, එම භූමිය චීනයට අහිමි කළ නොහැකි බව චීනය විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවේ සඳහන්.

එබැවින් ඇමෙරිකා එක්සත් ජනපදය තායිවානය සම්බන්ධයෙන් ඉතා කල්පනාකාරී ව කටයුතු කළ යුතු බව චීනය පෙන්වා දෙනවා.

චීන විදේශ ඇමති වැන්ග් යී (W ang Yi)ඇමෙරිකාව සහ තායිවානය අතර තිබුණු රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය දශක කීපයකට පෙර කඩාවැටීම පිළිබඳ ඩොනාල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් (Tsai Ing Wen ) සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සංග් ඉංග්‍ අතර සිදු වූ එම දුරකතන සාකච්ඡාව ‘මෙතෙක් අනුගමනය කෙරුණ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතේ පීලිපැනීමක්’ හැටියට විග්‍රහ කරන චීන විදේශ ඇමති වැන්ග් යී (W ang Yi), එම සංවාදය තායිවානයේ ‘කපටිකමක’ ප්‍රතිපලයක් බවත් පවසනවා.

Leave a Reply

Your email address will not be published.