චීනය රහසිගත ප්‍රහාරක යානා 2 ක් එලියට දායි

චීනය දීර්ඝ කාලයක් මුළුල්ලේ සැලසුම් කරමින් සිටි J-20 රහසිගත ප්‍රහාරක යානා සරඹ සංදර්ශනය මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබෙනවා.

චීනයේ ගුවන් යානා නිෂ්පාදකයන් සහ ගැනුම්කරුවන් මුණගැසෙන විශාලම ප්‍රදේශය වශයෙන් සැලකෙන ‘ගුවාන්ඩොන්ග්’ හි පැවති සංදර්ශනයේදී රේඩාර් වලට හසු නොවී පියාසර කළ හැකි ප්‍රහාරක යානා දෙකක් මිනිත්තුවක කාලයක් ගුවන්ගත වුණා.

මින් පෙර මෙවන් ජෙට් යානා පියාසර කරන අයුරු නැරඹීමට අවස්තාව ලැබී තිබුනේ චීන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුට පමණයි.

මෙම අධි තාක්ෂණික ප්‍රහාරක යානා ප්‍රදර්ශනය කෙරුණේ සිය හමුදා බලය ශක්තිමත් කර ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් චීනය දරන උත්සාහයේ සංකේතයක් වශයෙනුයි.

Leave a Reply

Your email address will not be published.