ජංගම ගණිකා ව්‍යාපාරයක් අල්ලයි

වෑන් රථයක් යොදා ගනිමින් ජංගම ගණිකා ව්‍යාපාරයක යෙදී සිටි බව කියන කාන්තාවන් තුන් දෙනෙකු බම්බලපිටියේ ප‍්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමිල්ඩා පටුමග අසලදී වෑන් රථයක සිටියදී ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23, 27 සහ 28 වයස් සීමාවල පසුවන කාන්තාවන් තිදෙනෙක්. ඔවුන් මින්නේරිය, කුන්ඩසාලේ සහ උඩවලව ප‍්‍රදේශවල පදිංචිකාරියන් බව ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුනු අනෙක් පුද්ගලයා 36 හැවිරිදි කොළඹ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔවුන් ව්‍යාපාරිකයින් සදහා අලෙවි කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.