ජනපති නත්තල් සීයා වෙයි

දිස්ත‍්‍රික්ක 15කට බලපා ඇති වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර සළාකයක් ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම ආහාර සළාකය කඩිනමින් ජනතාව වෙත ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. එමෙන්ම අදාළ ප‍්‍රදේශවල ජනාතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මන්නාරම සහ වව්නියාව යන දිස්ත‍්‍රික්කවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි. වව්නියාව, කිළිනොච්චිය සහ මුලතිව් යන  දිස්ත‍්‍රික්කවලටද නියඟයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ඇතැම් දිස්ත‍්‍රික්කවල ජනතාවට පානීය ජලය ලබා දීමේදී ගැටලූ මතු වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

One thought on “ජනපති නත්තල් සීයා වෙයි

Leave a Reply

Your email address will not be published.