ජනපති පිනවීමට පොලොන්නරුවටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක්

මිලියන 60ක අංග සම්පූර්ණ ජාතික කි‍්‍රකට් කි‍්‍රඩාංගණයක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිත බව ශ්‍රී ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. ක්‍රීඩාංගණයට වෙන්කර ඇති හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමි ප‍්‍රමාණයෙහි එම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඒ මහතා නිරීක්ෂණ චාරිකාව නිරතවුණා. ක්‍රීඩා පිටියේ වැඩකටයුතු 2018 වසරේදී නිමාකිරීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා එහිදී කියා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට ලංකාව සතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි සදහා අවශ්‍ය තරග ඇත්තේ නැහැ. මේ හේතුවෙන් ඇතැම් ක්‍රීඩා පිටි සුදු අලි බවට පත්ව තිබෙනවා. පසුගිය රජය සමයේ හම්බන්තොට ඉදිකළ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාපිටියට අද අත්ව ඇත්තේ එම ඉරණමයි. එමෙන්ම රංගිරි දඹුලු ක්‍රීඩා පිටියටත් මේ වන විට තරග ඇත්තේ නැහැ. එමෙන්ම කොළඹ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි සදහාත් පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩා පිටිය සදහාත් අවශ්‍ය තරම් තරග ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් හම්බන්තොට ක්‍රීඩා පිටිය විවාහ උත්සව සදහා පහසුකම් සපයන ස්ථානයක් බවට ද පත්කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙවැනි වටපිටාවක අති විශාල මුදල් වැයකර පොලොන්නරුවට ක්‍රීඩා පිටියක් ලබාදීම ගොංකමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ජනාධිපතිවරයා සතුටු කිරීමට මෙලෙස ක්‍රීඩාංගන ඉදිකිරීම සදහා වැය කරන්නේ මෙරට ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වැය කළ යුතු මුදල් බව මතක් කර දිය යුතුයි. පසුගිය කාලයේ හම්බන්තොට ක්‍රීඩා පිටියට වැයකළ මුදල එවැනි අනවශ්‍ය වියදමක් බව පසුගියදා අගමැතිවරයාද ප්‍රකාශ කළා. එසේනම් පොලොන්නරුවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබාදීම අගමැතිවරයා නොදැන සිදුවන්නක් විය යුතුයි.

Leave a Reply

Your email address will not be published.