ජනපති සමග ඇතිවූ රහස් එකගතාවක් ගැන ගෝඨාභය කථාකරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමාද වී හෝ සත්‍ය තේරුම් ගැනීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු එ් බව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශක කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවද විවේචනය කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින්.

ක්‍රියාවෙන්ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

ඒකට විරුද්ධව කථාකරන අය කියන දේම ජනාධිපතිවරයා කළ යුතුදැයි මෙහිදී ඔහු ප්‍රශ්න කරනවා. නිවරදි දේ සිදු කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නැත්දැයි මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂවරුන් අතර කිසියම් රහස් එකඟතාවක් ඇති වී තිබේ දැයිද එහිදී ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එවැනි කිසිදු රහස් එකඟතාවක් තමන් අතර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published.