ජවිපෙ ගල් අගුරු වංචාව උසාවියට ගෙන යයි

මිලියන 1,800ක් රජයට පාඩු කරමින් සිදුකළ ගල් අඟුරු වංචාව පිළිබඳව පැමිණිලි කිරීමට ලබන සතියේ අධිකරණයට යන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද තීන්දුවක් ලබාදී ඇති ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු සහිත පොතක් ජනතාව වෙත නිකුත් කිරීමට සූදානම් බවද සමරසිංහ මහතා පැවසුවා.

අදාළ වංචාව පිළිබඳ සොයා බැලීමට වත්මන් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් පත්කළ කමිටුවේ පළමුවැන්නා, ගල් අඟුරු වංචාවේ සමස්ත ක්‍රියාවලිය සිදුවන මොහොතේත් සිටි පුද්ගලයකු බැවින් මේ ත්‍රිපුද්ගල කමිටුව ස්වාධීන වන්නේ කෙසේද යන්න සමරසිංහ මහතා ප්‍රශ්න කරනවා.

වත්මන් විදුලිබල අමාත්‍යවරයා එම කමිටු වාර්තාවෙන් ගල් අඟුරු ගනුදෙනුවේ වංචාවක් හෝ පාඩුවක් හෝ සිදුව නැතැයි හුවා දැක්වීමට උත්සාහ දරනවා පමණක් නොව ඉදිරි වර්ෂයට ගල් අඟුරු ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමතය ලබා ගැනීමටත් සූදානමින් පසුවන බවත් ඔහු පෙන්වා දුන්නා.
වත්මන් ආණ්ඩුවද හොරු ආරක්ෂා කරමින් යන මේ ගමනට ඉඩ දිය යුතු නැති බවත් මේ වන විට එම ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු තම සංවිධානය සතුව ඇති බවත් පවසන ඒ මහතා හත්වැනි ස්ථානයේ සිටි ගල් අඟුරු ටෙන්ඩර්කරු පළමු ස්ථානයට පත්වූයේ කෙසේද, ගල් අඟුරුවල දිග, පළල වෙනස් කෙළේ කොහොමද, ප්‍රසම්පාදන කමිටුවෙන් කැබිනට් මණ්ඩලය නොමඟ යැව්වේ කෙසේද යන කරුණු රටේ ජනතාව දැන ගත යුතු බව ද කියා සිටියා.

9 thoughts on “ජවිපෙ ගල් අගුරු වංචාව උසාවියට ගෙන යයි

Leave a Reply

Your email address will not be published.