ජී එස් පී ප්ලස් හිමිවන බවට සහතිකයක්

ජී.එස්.පී ප්ලස් සහනය මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවෙතැයි විශ්වාසයක් ඇතිවී තිබෙනවා. ඒ යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග බ්‍රසල්ස් හි පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි.

අදාළ සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය නි‍රෝෂන් පෙරේරා මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ නි‍යෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවයි. එම සාකච්ඡා සාර්ථක වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මානව හිමිකම් කඩවීම් චෝදනා පදනම් කරගනිමින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි කළ අතර මේ නිසා 2009 වසරේ සිට මේ දක්වා සහනය ශ්‍රී ලංකාවට හිමිවූයේ නැහැ.

කෙසේ වුවද මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ  එම සහනය යළි ලබා ගැනීම සඳහා පසුගිය ජූනි මාසයේදී  යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published.