ඩලස් UNP යට යයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා. මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වෙත සිදු වන කෙනිහිලිකම් හේතුවෙන් තමා මෙම තීරණය ගත් බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා. තනතුරෙන් ඉවත්වීමෙන් පසු වඩාත් හොඳින් ජනතාවට සේවය කිරීමට කැපවන බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සංවිධායක ධූර ඉවත්කිරීමෙන් සිදුකර ඇත්තේ දේශපාලන බිලිගැනීමක් බවත්, මේවන විට එවැනි බිලි 13ක් ගෙන ඇති බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙරත් පක්ෂය අසීරු අවස්ථාවකට මුහුණ දුන් විටදි ඔහු පක්ෂය අතහැර ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති චන්දිම විරක්කොඩි මහතා පවසනවා. මේ බව සඳහන් කෙළේ එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සමහර අය ඉල්ලා අස්වීම දෙනවා කියලා පසුව නොදී ඉන්න අවස්ථා තියෙනවා.ශ්‍රී.ල.නි.පය බොහොම ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයක්.ඩලස් අලහප්පේරුම මහතා මෙය කෙළේ පළවැනි වතාවට නොවේ.කලින් අවස්ථාවකදිත් අපේ පක්ෂය මේ වගේ අර්බුදයක ඉන්න විට එතුමා පක්ෂයෙන් ඉවත් වුණා.මේ රට ජීවත් වීමට සුදුසු රටක් නොවේ කියලා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක දැන්විමක ඉඳලා අමෙරිකා එක්සත් ජනපදයට ගියා.එතුමට නැවත ඒ වගේ ආරාධනාවක් ඇවිල්ල ද කියලා දන්නේ නැහැ.

5 thoughts on “ඩලස් UNP යට යයි ?

Leave a Reply

Your email address will not be published.