ඩිල්ෂාන්ට අවාසනාවන්ත සමුගැනීමක්

සංචාරක ඕස්ට්‍රේලියාව සමග පැවැත්වුණ තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු දෙකකින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුණා. උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම සහ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය ඊට හේතු වු බව කිව යුතුයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 226 ක් පමණයි. හුදකලා සටනක නරත වෙමින් දිනේෂ් චන්දිමාල් යලිත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූවේ ලකුණු 102 ක් ලබා ගනිමින්.

සමුගැනීමේ තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 42 ක් රැස්කළා. එහෙත් අනෙකුත් පිතිකරුවන් කිසිවකුටත් සාර්ථක වීමට හැකිවුණේ නැහැ.

මේ අනුව ලකුණු 226 ක ජයග්‍රාහී ඉලක්කය හඹායාමට පිටියට පිවිසි කැංගරුවන්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවූයේ නැහැ. එහෙත් ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිකරණය කණ්ඩායම ජයග්‍රහණයට කැදවාගෙන ගියා. කඩුලු 8 ක් පමණක් දැවී තිබියදී ලකුණු 227 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළ ඔවුන් තරගාවලිය තරග 2 ට එකක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත්ව සිටිනවා.

One thought on “ඩිල්ෂාන්ට අවාසනාවන්ත සමුගැනීමක්

  • June 17, 2017 at 5:25 am
    Permalink

    Thanks, Half Staph. I appreciate your comments. I’ve never posted anything to the forum but I’ll try. I am a writer by profession, so my contribution to this site might not be mining for gold (as in the great videos everyone el;d1#821&sinclueing you–finds and posts), but I try to make up for it by posting haikus, poems, songs and other things. As I have posted before, Pus is my Muse. Pop on.

    Reply

Leave a Reply

Your email address will not be published.