ඩොලර් මිලියන ගානක පාඩුවක් කරමින් මහපොළ නැව කෙන්යාවේ අතහැර දාලා

නැව් සංස්ථාවෙන් කුලී පදනම මත ලබාගත් මහපොළ නැව කෙන්යාවේ මෙග්බාසා වරායේ අතහැර දමා ගොස් තිබෙනවා. මෙම නැව සංස්ථාවෙන් කුලියට ගෙන ඇත්තේ දිනකට ඇමරිකන් ඩොලර් 1000 ක මිලටයි.

2011 වසරේ ජුනි 21 වන දින ට්‍රිපල් එස් සමාගම සමග ගිවිසුම් ගතව මෙම නැව කුලී පදනම මත ලබාදී තිබෙනවා. ට්‍රිපල් එස් සමාගම වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ වෛද්‍ය සංජය සේරද සෙනරත් / තුෂාර වික්‍රමආරච්චි සහ මහනාග යන අධ්‍යක්ෂකවරු තුන්දෙනායි.

ඔවුන් 2011 – 6 -21 වන දින සිට 2013 – 05 – 12 දක්වා මෙම නැවෙන් මෙහෙයුම් කටයුතු ද සිදුකර තිබෙනවා. එහෙත් මේ දක්වා කිසිදු මුදලක් මෙම සමාගම නැව් සංස්ථාවට ගෙවා නැහැ. මෙලෙස නැව ලබාගෙන විදෙස් වරායක අතහැර දමා රජයට ඇමරිකන් ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුකිරීම පිලිබද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් මේ වන විට ලැබී තිබෙනවා. ඒ පිලිබද විමර්ශන ආරම්භ කර ඇති බවයි උසස් පොලිස් නිලධාරියකු ප්‍රයිම් ලංකා වෙත කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.