තරංගට තරග දෙකක් බෑ-ලංකාවට නායකයෙක් නෑ ?

ඊයේ පැවති ශූරයන්ගේ කුසලාන පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් උපුල් තරංගට ICC යෙන් තරග දෙකක තහනමක් පනවා තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී නියමිත කාලයේදී පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම හේතුවෙනුයි. එම තරගයේදී නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ උපුල් තරංග විසිනුයි. තරග තහනමට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයන් සියළු දෙනාගේ තරග ගාස්තුවෙන් සියයට 60 ක් කපා දැමීමටත් ICC තීරණය කර තිබෙනවා. මෙම දඩුවම් සම්බන්ධයෙන් උපුල් තරංග අයදුමක් සිදු නොකිරීම හේතුවෙන් ICC ය දඩුවම තහවුරු කර තිබෙනවා. මේ අනුව තරගාවලියේ මූලික වටයේ මීලග තරග දෙක වන ලබන 08 වැනිදා පැවැත්වෙන ඉන්දීය තරගය සහ පාකිස්ථානය සමගින් ලබන 12 වැනිදා පැවැත්වෙන තරගය උපුල්ට තහනම් වනවා.

නායක මැතිව්ස්ට මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට  නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට  නායකයකු සෙවීමට බලධාරීන්ට සිදුවනවා. කෙසේ වෙතත් ඊයේ තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය තුළ රැඳී සිටිමටනම් ඉදිරි තරග දෙක ජයගැනීම බොහෝසෙයින් වැදගත්වනවා.

One thought on “තරංගට තරග දෙකක් බෑ-ලංකාවට නායකයෙක් නෑ ?

Leave a Reply

Your email address will not be published.