තරගාවලියම ජය ගත්තේ කුසල් නිසාලු

ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලියක තරග තුනට බින්දුවක් ලෙස තරගාවලි ජයක් වාර් තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු එකසිය හැට තුනක ජයක් වාර් තා කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු තුන්සිය පනස් පහක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුණු තුන්සිය හැත්තෑ නවයයි. ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩුලු අටක් දැවී ලකුණු තුන්සිය හතලිස් හතක් ලබා සිටියදී ඉනිම අත්හිටවූවා. ඒ වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු හැට පහක් ලබා සිටියේ නව වාර් තාවක්ද සමගින්. ටෙස්ට් තරගයක හත්වන පිතිකරු හෝ ඊට පහලින් පැමිණ ශතකයක් හා අර් ධ ශතකයක් රැස්කළ මෙරට පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු එම වාර් තාව පිහිටවනු ලැබුවේ.

මේ අනුව ලකුණු 324 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා පිතිකරුවන්ව අනුකම්පා විරහිතව ගොදුරු කර ගැනීමට රංගන හේරත් සමත්වුණා. ඔහුගේ දග කැවී ආ පන්දු හමුවේ අසරණ වූ පිතිකරුවන් හත්දෙනෙකුම ක්‍රීඩාගාරය කරා ගියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දෙරටු විවර කරමින්. මේ අනුව ඕස්ට්‍රේලියා දෙවන ඉනිම ලකුණු එකසිය හැටකට සීමාවුණා. ලකුණු 163 ක ජයක් වාර් තා කිරීමට දැක්වූ දායකත්වය හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත් තරගාවලිය තුල දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ වීරයා සම්මානයත් දෙකම රංගන හේරත් දිනා ගත්තා.

එහෙත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තරගාවලියේ ජයග්‍රහණයට හේතු වූයේ කුසල් මෙන්ඩිස් බවයි. පසුගිය මාස අටක කාලය තුල හොදින් ගුටිකා සිටි කණ්ඩායමේ මානසිකත්වය ඉතා දුර් වල තැනක තිබූ බවයි මැතිව්ස් කියා සිටියේ. එහෙත් පළමු තරගයේ දෙවන ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 176 කණ්ඩායමට විශ්වාසය / ශක්තිය හා ධෛර් ය ලබාදුන් උත්තේජය වූ බවයි මැතිව්ස් පවසන්නේ. එතැන් සිට සියල්ල උඩු යටිකුරු වූ බවත් ඔහු කියා සිටියා. මේ අනුව තරගාවලිය ජය ගැනීමට කණ්ඩායමට හැකිවූ බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.