තලතා සහ මනූෂ ගැටුමක්

බකමූණ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වීමට පැමිණි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය හා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සිදුවීම මෙසේයි. ශ්‍රී පාදය දෙපැත්තෙන් නැග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන කතාව ගැන නියෝජ්‍ය  ඇමති මනුෂ නානායක්කාර මහතාගෙන් විමසීමේදී කිවේ ඔලුව පාවිච්චි කර මේ ගමන යන බවත් 2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි. එසේ කියනාවත් සමග අසළ සිටි ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය කැමරා ඉදිරියට පැමිණියේ තමන්ට ඊට පිළිතුරක් දීමට අවශ්‍ය බව පවසමින්. ඇය පැවැසුවේ කවුරු ආණ්ඩු හදන්න බලා සිටියත් ජනපති පත් කලේ එක්සත් ජාතික පක්ෂය බවයි. මනුෂ නානායක්කාර මහතා සිනාමුසුව එය අනුමත කළා.

හාල් කිලෝවක් රු 100 ට යද්දී හොරණ ප්‍රදේශයේ අක්කරය රු 100 දෙන කතාව විමසීමේදී තලතා අතුකෝරල ඇමතිනිය කිවේ මේ දෙක අතරේ වෙනසක් ඇති බවයි. එවැනි ඉඩම් දීමක් නැති බවත් සහල් හිඟයක් මවා පා ඇති බවත් ඇය පැවැසුවා.

ආණ්ඩුවේ ටොප් ටෙන් ගැන මනුෂ නානායක්කාර මහතාගෙන් විමසීමේදී නැවත ඇමතිතුමිය ඉදිරිපත්වී තමන් එහි හතරවන ස්ථානයේ සිටින බවත් 8 වැනියා කව්ද කිවහොත් ත්‍යාගයක් දෙන බවත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.